රජය විසින් නිරෝධායනය වන ජනතාවට බෙදා දෙන රුපියල් 10,000ක වටිනාකමින් යුත් බඩු මල්ල වෙනුවට, මුදලින් රුපියල් 10,000ක් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.
ඒ මහතා පෙන්වා දෙන්නේ රජය විසින් ලබා දෙන රුපියල් 10,000ක විටනාකමක් ඇතැයි කියන මෙම බඩු මල්ලේ ඇත්තේ රුපියල් 7,000ක් පමණ වටිනාකමකින් යුතු බඩු ප්‍රමාණයක් බවයි. එම බඩු මල්ලේ කල් ඉකුත්වූ පරිප්පු, කුණු වූ අල ඇතැයි ජනතාව මැසිවිලි නඟන බවත් නූඩ්ලස් කිලෝ ග්‍රෑම් පහක් වෙනුවට ඇත්තේ කිලෝ දෙකක් ඇති බවටත් තමාට වාර්තා වන බවයි.
එවැනි පසුබිමක නිරෝධායනය වන පවුල්වලට බඩු මල්ලක් වෙනුවට රුපියල් දසදහසක් මුදලින් ලබා දීම වැදගත් බවයි විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටින්නේ.