මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු 55 හැවිරිදි පස්දරු මවක් ගාල්ල, කන්දවත්ත ප්‍රදේශයේදී ගාල්ල පොලීසියේ කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව මත්කඩු ජාවාරමක සිදු කර ඇත්තේ උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන් ඉලක්ක කරගෙනයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් පැකට් 45ක් සොයා ගැනුණු බවත්, එම පැකට් වල බර ග්‍රෑම් 5කට අධික බවයි පොලිසිය පැවසුවේ.
සැකකාර කාන්තාවගේ සැමියා සහ පුත්රයෙකුද මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේවනවිටත් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටිනවා.