සමගි ජන බලවේගයේ රජයක් යටත මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම උදෙසා ජාතික මෙහෙයුමක් ක්‍රියාවට නැංවීමට සූදානම් බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කලේ දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී පැවති ජනහමුවක් අමතමිනි.
එහිදි ජනතාව ඇමතු සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ සිංගප්පූරුවේ මෙන් නීතිරීති මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, 2025 වසර වන විට “සැමට සෙවණ” ලබා දීමට කටයුතු කරන බවත්ය.