මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාධිත රෝගියකු ඊයේ (24) අළුයම එම රෝහලෙන් පැනයාමේ සිද්ධියත් සමග එවැනි සිද්ධීන් නැවතත් ඇති නොවීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග මේ වනවිට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයෙකු ඊයේ අලූයම IDH රෝහලෙන් පළායාමේ සිද්ධියෙන් පසු ඊයේ දිනයේදීම ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා වැඩි දුරටත් පවසා සිටියේ.
IDH රෝහලේ ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති බව අදාළ සිද්ධියෙන් හැඟි නොයන්නේදැයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියා.