මෙරට සමස්ත කොවිඩ් අසාදිතයින්ගේ සංඛ්‍යාව 2674 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (15) දිනය තුළ තවත් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වූ අතර ඉන් කන්දකාඩු ආසාදිත පොකුරට අදාළ ව හමුවී ඇත්තේ එක් ආසාදිතයෙකු පමණක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. එම පුද්ගලයා බඹරදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර නිරෝධායනය සදහා කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබේ.
අනෙක් පුද්ගලයන් අතරින් සිව්දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමුකර සිටි පුද්ගලයින් වන අතර අවසන් ආසාදිතයින් තිදෙනා ද මේ අතරට අයත්ය. සෙසු සිව්දෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වේ.
මේ අතර යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ සියලු පාර්ශ්වයන් මේවන විට හඳුනාගෙන ඇති බවයි.