ලොරි රථයකින් කේරල ගංජා කිලෝ ග්රෑම් 201 ක් ප්රවාහනය කරමින් සිටි සැකකරුවකු මැදවච්චිය මන්නාරම මාර්ගයේ පෙරියකට්ටු ප්රදේශයේදී ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ. පරයානකුලම් පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක්මත අදාළ වැටලීම සිදුකර තිබේ.
ඇලුමිනියම් තහඩුවලින් ආවරණය කර ඇති මෙම ලොරි රථයේ ඇතුළත ඉදිරි කොටසේ පියනක් ගැලවීමට හැකි ලෙසින් ස්කුරුප්පු ඇණ යොදා සකස් කරන ලද රහස් කුටියක පාර්සල් 87ක් ගෝනි හතරක බහා සූක්ෂම ලෙස සඟවා තිබියදී මෙම කේරල ගංජා තොගය සොයාගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 22 ක් වූ පේදුරුතුඩුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (02) වව්නියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.