ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන කොවිඩ් 19 වෛරසය මැඩලීමට එන්නතක් සොයාගැනීමට අසමත් වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව කොවිඩ් 19 වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත වෛද්‍ය ඩේවිඩ් නැබ්රෝ ප්‍රකාශ කරයි.
එන්නතක් සොයා ගැනීම සම්බන්ධව විවිධ පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින මොහොතක වෛද්‍යවරයා සිදුකරන මෙම ප්‍රකාශය පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමු වී ඇත.
ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ HIV සහ ඩෙංගු සඳහා ද ඖෂධක්ද මේ වනවිට සොයා ගැනීමට නොහැකි වූ බවත්, පසුගිය වසර හතළිහේදී HIV ආසාදනය වීමෙන් මිලියන තිස්දෙකක් මියගොස් තිබෙන බවත්ය. එමෙන්ම කොවිඩ් එන්නතක් ගැන කොතරම් බලාපොරොත්තු තබා සිටියද අවසානයේ ඒ සියල්ලම බිඳ වැටීමට ඉඩකඩ වැඩි බවයි.