එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට මහතාට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් 15 ක් සොයා ගෙන තිබෙන බවට වාර්තා වේ.
කුලියාපිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි, මහින්ද දිසානායක මහතාගේ අධීක්ෂණය මත පොලිස් කණ්ඩායමක් විසින් සිදු කළ මෙහෙයුමකදී මෙම නීති විරෝධී මත්පැන් තොගය හමුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.