විශ්‍රාම වැටුප් ඇතුළු සෙසු දීමනා මැයි මස 10 වැනිදාට පෙර ලබාදීමට හැකියාව පවතින බවත්, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය සතු බවත් මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි.
මීට අමතරව ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව, සමෘද්ධි සහ වැඩිහිටි දීමනා ඇතුළු සෙසු දීමනාද නිශ්චිත දිනට ලබාදීමට පියවර ගැනෙනු ඇති.
එමෙන්ම රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප ලබන මස 25 වැනිදා නියමිත පරිදි ගෙවීමටද කටයුතු කරන බව එස්.ආර් ආටිගල වැඩිදුරටත් සඳහන් කරයි.