කැළණිවැලි දුම්රිය මාර්ග නවීකරණ ව්‍යපෘතියේ ඉදිකිරීම් කටයුතු හැකි ඉක්මනින් අරඹන්නැයි ප්රවාහහ කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (28) දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
නව කැළනි වැලි දුම්රිය ව්‍යපෘතිය අවිස්සාවේල්ල සිට මරදාන දක්වා දිවෙන අතර, මාලපල්ල සිට මරදාන දක්වා කිලෝමීටර් 22ක දුරක් ගමන් කරන්නේ අඩි 18ක් පමණ උස් කුළුනු මත ඉදිවූ දුම්රිය මාර්ගයකය වන අතර එම කොටසේ එම දුම්රිය ගමන් කරනුයේ විදුලිබලයෙනි. කොළඹ හා තදාසන්න නගරවල පවතින මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙසට මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.