8 සහ 9 විරෝධතාව සම්බන්ධව අධිකරණ නියෝගය ප්‍රතික්ෂේප කරයි.

කොළඹ කොටුව ජනාධිපති නිල නිවස ආසන්න ප්‍රදේශවලට විරෝධතාකරුවන්ට ඇතුළුවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

හෙට (08) සහ සෙනසුරාදා (09) යන දෙදින තුළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත විරෝධතාකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් තහනම් නියෝගයක් ඉල්ලා තිබුණි.

මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී විරෝධතාකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපතිවරයා ඇතුළු නීතීඥවරු පිරිසක් පෙනී සිටියහ.

මේ අතර, පිටකොටුව ඕල්කට් මාවතට විරෝධතාකරුවන්ට ඇතුළුවීම වළක්වාලමින් ඊයේ (06) නිකුත් කළ අධිකරණ නියෝගයක් සංශෝධනය කර තිබෙනවා.

නව අධිකරණ නියෝගයෙන් පූජ්‍ය පක්ෂයට ප්‍රදේශයේ විරෝධතා දැක්වීමට පමණක් අවසර ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *