නකල්ස් හිදී හමුවූ දැරියගේ සිද්ධිය: සැකකාර මාමා හා බෑණා ගැන තවත් තොරතුරු හෙළිවේ

අතුරුදන්ව සිටීමෙන් අනතුරුව නකල්ස් ප්රදේශයේ ගුහාවලදී බිළිඳෙකු සමඟ සොයාගත් 15 හැවිරිදි දැරිය දරු ප්රසූතියට පෙර මෙන්ම පසුව ද අවස්ථා කිහිපයකදී ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
බාලවයස්කාර දැරිය ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට මීට පෙර අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අතරතුර මෙම නවතම තොරතුරු හෙළි වී ඇති බව වාර්තා වේ.
වයස අවුරුදු 36 සහ 23 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් දෙදෙනා මාමා සහ බෑණා ලෙස හඳුනාගෙන ඇත.
36 හැවිරිදි සැකකරු විසින් 2023 වසරේදී පළමු වරට දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත්, අනතුරුව 23 හැවිරිදි සැකකරු විසින් ද ඇයව අපයෝජනය කර ඇති බවටත් පොලීසිය ප්රකාශ කර ඇතැයි වාර්තා සඳහන් කරයි. සැකකරුවන් දෙදෙනාම කාලයක් තිස්සේ නැවත නැවතත් දැරිය අපයෝජනයට ලක් කර ඇති බවට විමර්ශනවලදී චෝදනා එල්ල වී තිබේ.
පොලිස් වාර්තා පෙන්වා දෙන්නේ, දැරිය ගැබ් ගැනීමෙන් අනතුරුව වනාන්තර ප්රදේශයකට රැගෙන ගොස් පසුව දරු ප්රසූතිය සිදු කර ඇති බවයි. දැරිය දරු ප්රසූතිය සිදු කිරීමෙන් පසුව පවා සැකකරුවන් විසින් ඇයව අඛණ්ඩව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ වැඩිදුර තොරතුරුවලින් කියැවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




