76 සාපෙ නම් හොඳම සෞඛ්‍ය සේවයක් හැදුනේ කොහොමද?

ලංකාව ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවයක් ඇති රටක් බවට පත් වූයේ ඉකුත්  සැප්තැම්බර් මාසයේ අනුර කුමාර ජනාධිපති වූ පසුවදැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

“අප රටේ 76 වසරක සෞඛ්‍යයේ විශිෂ්ටත්වය ගැන ලෝක ප්‍රසාදයට පත් වූ බව මේ සභාවේ කියැවුනා.ඒ කියන්නේ වසරක කාලයේ ළමා මරණ අනුපාතය අඩුවී  තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව 77.2ක් පමණ වෙනවා.ලෝකයේ එම අගය 71.4යි.දකුණු ආසියාවේ 68.4යි.මේ අනුව 76  වසරකදී සිදුවී ඇත්තේ සාපයක්ද කියා මා අහන්න කැමතියි.ලංකාවේ මාතෘ මරණ අනුපාතය 18.3යි.ලෝකයේ සමස්තයක් ලෙස ගතහොත් එම අගය 197.3 යි. මෙය වසර 76ක ප්‍රගතියක් නොවේද?

ළමා මරණ අනුපාතය අප රටේ දහසකට  4.1යි.ලෝකයේ 17.3යි.දකුණු ආසියාවේ16.1යි. මේ සියලු ප්‍රගතින් ලැබුවේ අවුරුදු 76ක කාලය තුළ නොවේද? එසේ නොමැති නම් මේ ප්‍රගතිය ලැබුවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ අනුර කුමාර ජනාධිපති වූ පසුවද?ඒක පුද්ගල  වියදම් දෙස බැලූ විට අඩුවෙන්ම වියදම් කර ගුණාත්මක තත්ත්වයෙන් ඉහළම සෞඛ්‍ය සේවාව ලබා දෙන්නේ අපේ රටයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *