මොළයේ ගෙඩියක් හේතුවෙන් මියගිය කුරුණෑගල මලියදේව උසස් බාලිකා විද්‍යාලයේ විහගනා නුවන්ති නමැති 19 හැවිරිදි සිසුවියගේ අවයව හත් දෙනෙකුට පරිත්‍යාග කෙරුණා.
විහඟන මෙවර උසස් පෙළ විභාගයෙන් වාණිජ විෂය ධාරාවෙන් ‘ඒ’ සාමාර්ථ තුනක් ලබාගෙන තිබුණා.
හදිසි රෝගාබාධයක් හේතුවෙන් ඇය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ මොළයේ ගෙඩියක් ඇති බව වෛද්‍යවරුන් විසින් සොයා ගන්නා ලදී. විහඟනාට තවදුරටත් ජීවත් වීමට වාසනාවක් නොමැති බව දැනගත් ඇයගේ වෛද්‍යවරු ඇයගේ අවයව රෝගීන්ට පරිත්‍යාග කළ හැකි බව දෙමාපියන්ට දන්වා සිටියහ.
විහඟනා සිය හදවත, පෙනහළු, වකුගඩු, අක්මාව සහ ඇස් රෝගීන්ට පරිත්‍යාග කරමින් ජීවිත හතක් බේරා ගත්තාය. මාර්තු 22 වැනිදා ඇය මිය ගියාය.ඇගෙන් ලබාගත් හදවත සහ පෙනහළු හදවත සහ පෙනහළු අකර්මණ්‍ය වීම නිසා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ නිර්වින්දන වෛද්‍යවරයකු වෙත බද්ධ කරන ලදී.
මීට පෙරද වෙන් වෙන්ව අවයව බද්ධ කළ ද මෙවැනි අවයව බද්ධ කිරීමේ සැත්කමක් එකවර සිදු කළ මෙරට පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.