2027 වසරේ සිසුන්ට නොමිලේ බෙදාදීම සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් සහ මොඩියුල මුද්‍රණය කිරීමට මුද්‍රණ ආයතන 21කට රු. මිලියන 1,614.69ක වටිනාකමින් යුත් කොන්ත්‍රාත් පිරිනැමීමට රජය අනුමැතිය ලබාදී තිබේ.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ පෙළපොත් සහ මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීමට නියමිත අතර, 1, 2 සහ 6 ශ්‍රේණිවල සිසුන් සඳහා අවශ්‍ය මොඩියුලද ඒ අතරට ඇතුළත් වේ.
මෙම වැඩසටහන සඳහා මුද්‍රණ ආයතන තෝරා ගැනීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ.
ඒ සඳහා ලංසු 31ක් ඉදිරිපත් වී ඇති අතර, ඒවා ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මුද්‍රණ ආයතන 21කට අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමට නියමිතය.
මෙම කොන්ත්‍රාත්වල සමස්ත වටිනාකම රු. බිලියන 1.614ක් වන අතර, එම මුදලට එකතු කළ අගය මත බද්ද (VAT) ඇතුළත් නොවේ.
අදාළ මුද්‍රණ කොන්ත්‍රාත් පිරිනැමීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.


