ඉන්දීය ක්‍රිකට් මහ පුටුව ගංගුලිට

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති ලෙස ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සව්රව් ගංගුලි නම් කර ඇත. පසුගිය 14වැනිදා මුම්බායිහිදී නව ක්‍රිකට් සභාපති ලෙස සව්රව් ගංගු‍ලිගේ නම යෝජනා විය. ඒ අනුව නිල වශයෙන් ගංගුලි එළැඹෙන ඔක්තෝබර් 23වැනිදා සිට සිය තනතුරේ වැඩ බාරගැනීමට නියමිතය.

“මේ ඉන්දීය ක්‍රිකට් පරිපාලනයේ ඉතා වැදගත් කාලයක්. කණ්ඩායමක් විදියට අපට ගොඩක් දේවල් කරන්න තිබෙනවා. පරිපාලනය ක්‍රමවත් කළ යුතුයි. ඇතුළත නිවැරදි කළ යුතුයි. පිටියට බැස්සාම ක්‍රිකට් ඉතා විශිෂ්ටයි. ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ පරාජය වී තරගාවලියෙන් ඉවත්වූ පසු කණ්ඩාය‍ම අති විශේෂ ලෙස දස්කම් දැක්වූවා. හොඳ ක්‍රිකට් ලැබෙන්නේ ඇතුළතත් වටපිටාවේත් කටයුතු හොඳ වුණොත් තමයි” යනුවෙන් තනතුරට පත්වීමෙන් පසු අදහස් දක්වමින් ගංගුලි පවසා සිටියේය.

ඔහු තනතුරට පත්වීමෙන් පසු නව සභාපති ලෙස පළමු පෙළ ක්‍රිකට් සඳහා මූලිකත්වය දෙන බවද කියා සිටියේය.

සව්රව් ගංගුලි ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 113කට හා එක්දින ජාත්‍යන්තර තරග 311කට සිය දායකත්වය ලබාදී ඇති අතර 1996දී ටෙස්ට් වරම් ලබාගනිමින් 2008 දක්වා ක්‍රීඩා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *