ශෝක

31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ලබන 31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

අපවත් වී වදාළ කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති සහ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණේ පරිවේණාධිපති පූජ්‍ය වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය හේතුවෙන් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 31 වනදා පස්වරුවේ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ලබන 31 වනදා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මස් මාංශ අලෙවිසැල් ද වසා තැබිය යුතු බවට එම නිවේදනයෙන් දැනුම් දී ඇත.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අපවත් වී වදාළ වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ ‍ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වීය.

ඊයේ (29) පස්වරුවේ උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති පෑළියගොඩ විද්‍යාලංකාර පිරිවෙණ වෙත ගිය ජනාධිපතිවරයා අවසන් ගෞරව දැක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *