අද (සැප්තැම්බර් 26) අලුයම පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ සිදුවූ බලවත් පිපිරීමකින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා තිබේ.
වාර්තා වන පරිදි පිපිරීම සිදුව ඇත්තේ රෝහලේ මුළුතැන්ගෙය තුළය.
පිපිරීම හේතුවෙන් රෝහල් ගොඩනැගිල්ලට සැලකිය යුතු හානි සිදුව ඇති අතර, තුවාල ලැබූ රෝහල් සේවකයින් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.


