27 හැවිරිදි නර්තන ශිල්පිනියගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹයි

ශ්‍රී ලාංකික නර්තන ශිල්පිනියක් මහරගම, දුම්රිය පාරේ මහල් නිවාස සංකීර්ණයක සිය නිවස තුළ මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

27 හැවිරිදි අවිවාහකයෙකු වන මොහු සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඇය සෙනසුරාදා (12) පස්වරුවේ කිසියම් පුද්ගලයකු සමඟ තම නිවසට ඇතුළු වී ඇති අතර එම පුද්ගලයා නිවසින් පිටව ගොස් එදින රාත්‍රී 11 ට පමණ ආපසු පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පුද්ගලයා නිවසට පැමිණ බැලීමේදී නිවසේ කාමරයක් තුළ විදුලි පංකාවක එල්ලෙමින් නර්තන ශිල්පිනියගේ සිරුර දැක තිබේ.

එම පුද්ගලයා විසින් නර්තන ශිල්පිනිය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරයා විසින් ඇය මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැල වූ මහරගම පොලිසිය මියගිය කාන්තාවගේ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී ඇයගේ මරණයට හේතුව සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ නර්තන කණ්ඩායමකට අනුයුක්තව සේවය කරන නර්තන ශිල්පියෙකු බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

නර්තන ශිල්පිනිය සමඟ ජීවත් වූ නිකවැරටිය ප්‍රදේශයේ විවාහක පුද්ගලයකුගෙන් මහරගම පොලිසිය ප්‍රශ්න කර තිබේ.

ප්‍රේම සබඳතාවයක් මෙලෙස සියදිවි හානි කර ගැනීමට හේතුව වී ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සහ PCR පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *