ශානිට ඇප දෙයිද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන අය ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් වන තීන්දුව හෙට ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

නීතිඥ ගෞරි තවරාසා මහත්මිය මාර්ගයෙන් ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් ගොනු කළ පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විසින් කරුණු ඉදිරිපත් කිරීම් සිදුකළ බව වාර්තා විය.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බව දැනුම් දී තිබේ.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශානි අබේසේකර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් මැයි මස 25වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට පසුගිය19 වනදා නියෝග කර තිබුණි.

කෙසේවෙතත් එම නියෝගය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වැඩබලන රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *