22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම තීරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් බවයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රධාන වශයෙන් අධිකරණ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සහ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමා සංශෝධනය කිරීම අරමුණු කර තිබේ.
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත මගින් මහාධිකරණ විනිසුරු මඩුල්ල පුළුල් කිරීම සහ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමා සංශෝධනය කිරීම යෝජනා කර ඇති අතර, එමගින් අධිකරණවල පවතින නඩු ගොඩගැසීම අවම කිරීම අපේක්ෂා කෙරේ.


