මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රයට අදාළව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳව අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළ අතර දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද කරුණු පැහැදිලි කිරීමක් සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය. තිස් වසරක යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කළ උතුරු වසන්තය, නැඟෙනහිර උදානය වැනි ව්‍යාපෘති සඳහා රජය විශාල මුදලක් වැය කර තිබෙනවා. . මේ සඳහා මුදල් ලබාගෙන ඇත්තේ ණය සහ ආධාර වශයෙනි.
විදේශ ණය නොගෙවීම නිසා රටක් වශයෙන් අපි මේ වන විට විශාල ණය අර්බුදයකට මුහුණ දී සිටිනවා. විදේශ ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කරන තුරු රටට කිසිදු විදේශ ණය ආධාරයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත. නැඟෙනහිර පළාත ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම සංවර්ධන කටයුතු ඇනහිට තිබෙනවා. මාර්ග සංවර්ධනය ඇතුළු අපේ අමාත්‍යාංශයට අදාළ සියලුම සංවර්ධන කටයුතු සිදු කළ හැක්කේ රටට නැවත විදේශ ණය ආධාර ලබා ගැනීමට හැකි වුවහොත් පමණයි. ඒකට දේශපාලන විසඳුමක් නැහැ. රටක් වශයෙන් 2048 වසර දක්වා ඩොලර් මිලියන 36ක පමණ ණය ගෙවීමට සිදුව තිබෙනවා.කොයි නායකයෙක් ආවත්, මොන ආණ්ඩුව බලයට ආවත් ණය ගෙවීමේ අර්බුදයෙන් ගැලවීමක් නැහැ.
ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ රජය, මිත්‍ර විදේශීය රජයන්, ජාත්‍යන්තර ආයතන සමඟ එක්ව ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක වීමෙන් පසු නැවත වරක් රටට සංවර්ධනයක් උදාවනු ඇතැයි මා විශ්වාස කරනවා.