2026 වසරේ පාසල් නිල ඇඳුම් ජනවාරියේ

රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සහ ගිහි සිසුන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීම මෙවර ජනවාරි මස දී සිදු කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මහජන චීන සමූහාණ්ඩුව විසින් පූර්ණ ප්‍රදානයක් ලෙස රෙදි මීටර් මිලියන 11.484ක් මෙරටට ලබා දී ඇති අතර මේ වන විට එම සියලු රෙදි තොග වරායට ලැබී ඇත. එම නිල ඇඳුම් ප්‍රදානය නිල වශයෙන් භාර ගැනීම 2026.01.13 වැනි දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ය.

මෙවර පාසල් නිල ඇඳුම් ලබා ගැනීම සඳහා 4,418404ක පමණ සිසුන් ප්‍රමාණයක් හිමිකම් ලබන අතර 2026.01.19 දින සිට කොට්ඨාස කාර්යාල වෙත එම රෙදි තොග බෙදා හැරීමට කටයුතු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *