2026 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් 10 සිට 20 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 44කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන්නේ විභාගයේ ලිඛිත කොටසට පෙනී සිටි අපේක්ෂකයන් සඳහාය.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් අයදුම්පත්වල සඳහන් කළ ලිපිනයන් වෙත තැපැල් කර තිබේ.
තම ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු අපේක්ෂකයන්ට ඔක්තෝබර් 7 වැනිදා සිට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ඒවා බාගත කරගත හැකිය.
වැඩිදුර තොරතුරු සඳහා අපේක්ෂකයන්ට 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 2784208 සහ 011 2784537 යන දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙස දැනුම් දී තිබේ.




