2026 අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි

අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) තෙවැනි වර කියවීම  තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී  සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 1ක් පමණි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු  දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

පනත් කෙටුම්පතට පක්ෂව  ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් මස 7  වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8  වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්විණ.

ඊට පසු කාරක සභා අවස්ථාවේ විවාද නොවැම්බර් මස 15 වැනිදා ආරම්භ වූ අතර  අවසාන විවාදය ඊයේ පැවැත්විණ.

ඊයේ  පැවැත්වුණේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *