2026 ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා කාලය තුළ ශ්රී ලංකාවේ සිදුවූ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 2,095 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්රී ලංකා පොලිසිය පවසයි.
එම කාලසීමාව තුළ මාර්ග අනතුරු 1,988ක් වාර්තා වී ඇති අතර, ඒවායින් මෙම මරණ සිදුව තිබේ.
මාර්ග අනතුරුවලින් සිදුවන ජීවිත හානි ඉහළ මට්ටමක පැවතීම පිළිබඳව අවධානය යොමු කරමින්, තවදුරටත් ජීවිත අහිමිවීම වළක්වා ගැනීම සඳහා රියැදුරන් ඇතුළු සියලු මාර්ග භාවිත කරන්නන් වැඩි අවධානයකින් හා වගකීමෙන් කටයුතු කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.


