2025 සඳහා අයවැය යෝජනා නැත, අතුරු සම්මත ගිණුමක් පමණි

2025 වසර සඳහා අයවැය යෝජනාවක් ඉදිරිපත් නොකරන බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් පමණක් ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මෙය ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීමට නියමිත වසරක් බවත් මීට පෙර මෙවැනි අවස්ථා වලදී අතුරු සම්මත ගිණුම් මේ ආකාරයෙන් සම්මත කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

2024 සඳහා සම්මත කරගත් අයවැය යෝජනාවලට අනුව 2024 දෙසැම්බර් 31 දක්වා පමණක් ආදායම් වියදම් සිදුකිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව 2025 සඳහා වෙනම අයවැය ලේඛනයකින් අනුමැතිය ලබාගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *