2022 සඳහා 1 ශ්‍රේණියට ඇතුළත් වීමේ කාලය අගෝස්තු 1 දක්වා දීර්ඝ කෙරේ.

Q 2023 වසර සඳහා පළමු ශ්‍රේණිය සඳහා ළමුන්ගෙන් අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු 1 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මීට පෙර, 2023 වසර සඳහා එවැනි ඇතුළත් කිරීම් භාර ගැනීමේ අවසාන දිනය ජූලි 16 ලෙස නියම කර තිබුණි.

රටේ වත්මන් තත්ත්වය සහ දෙමාපියන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශය 1 ශ්‍රේණියට ඇතුළත් වීමේ අයදුම්පත ජුනි 1 වැනිදා නිකුත් කළ අතර, ආදර්ශ අයදුම්පත්‍රය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙතින් බාගත කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *