2022 දී ශ්‍රී ලංකාවේ මත්පැන් පරිභෝජනය අඩු වෙයි.

2021 වසරට සාපේක්ෂව 2022 වසරේ ශ්‍රී ලංකාවේ මධ්‍යසාර පරිභෝජනයේ සැලකිය යුතු අඩුවීමක් වාර්තා වී ඇති බව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය වාර්තා කරයි.

එම ඒකකයේ උප සභාපති නලින් අමරසිංහ පැවසුවේ 2021 වසරේ ශ්‍රී ලංකාව තුළ මත්පැන් ලීටර් මිලියන 215කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ ජනතාව මත්පැන් ලීටර් මිලියන 120 ක් පමණක් පානය කර ඇති බව නලින් අමරසිංහ මහතා පැවසීය.

ලබන වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර අමද්‍යප දිනය තුළ මත්පැන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් තවදුරටත් අඩුවනු ඇතැයි අමරසිංහ විශ්වාසය පළ කළේය.

2022 ජාත්‍යන්තර අමද්‍යප දිනය නිමිත්තෙන් සඳුදා (03) මහනුවර පැවති උත්සවවලට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *