2019 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු අද අන්තර්ජාලයට

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අද පස්වරුවේ අන්තර් ජාලයට නිකුත් කිරීමට නියමිතයි.

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 41,500 ක් බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා සිටියි. වෛද්‍ය, ඉංජිනේරු ආදී උපාධි පාඨමාලා කිහිපයක් සඳහා මෙවර බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ද ඉහළ නංවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *