“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත වහාම ඉවත් කරන්න” මාධ්‍ය සංවිධාන කොළඹදී විරෝධතාවක

ශ්‍රී ලංකා වැඩ කරන මාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සහ සමාජ මාධ්‍ය සන්නිවේදකයන්ගේ සාමූහිකය ඔක්තෝබර් 6 වැනිදා කොළඹදී විරෝධතාවක් පවත්වා තිබේ.

යෝජිත “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් පැවති මෙම විරෝධතාවේදී එම පනත් කෙටුම්පත වහාම ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

යෝජිත නීතිමය රාමුව මගින් අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂණයේ නිදහසට සෘජු තර්ජනයක් එල්ල වන බවත්, එම නිදහස් සීමා කිරීමට හා මර්දනය කිරීමට එය හේතු විය හැකි බවත් මාධ්‍ය සංවිධාන චෝදනා කර තිබේ.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

මෙම විරෝධතාව පැවැත්වෙන්නේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳව විවිධ පාර්ශ්ව අවධානය යොමු කර ඇති පසුබිමකය. යෝජිත පනත් කෙටුම්පත 1979 සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට නව නීතිමය රාමුවක් හඳුන්වාදීමේ අරමුණින් ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *