2026 ලෝක හොඳම පිරිමි මලල ක්‍රීඩක සම්මානයට රුමේෂ් තරංග නිර්දේශ වෙයි

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරාජ 2026 වසරේ ලෝක හොඳම පිරිමි මලල ක්‍රීඩකයා සඳහා වන සම්මානයට නිර්දේශ වී තිබේ.

2026 වසරේ ජාත්‍යන්තර පිටියේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ලෝක මලල ක්‍රීඩා සම්මානය සඳහා නිර්දේශ වූ ක්‍රීඩකයන් 10 දෙනා අතරට රුමේෂ් තරංග ද ඇතුළත් කර ඇත.

මෙම වසරේදී ඔහු Ultimate Championship, Diamond League, ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ශූරතා දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම මීටර් 92.62ක දුරක් හෙල්ල විසිකරමින් ලෝකයේ වසරේ හොඳම දස්කම වාර්තා කළ ඔහු, එමගින් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක්ද පිහිටුවීය. 2026 වසරේ සහභාගී වූ තරග 14කින් 13ක් ජයගැනීමටද ඔහු සමත්ව තිබේ.

2026 ලෝක හොඳම මලල ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා මහජන ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙන අතර, එය ඔක්තෝබර් 17 වැනි සෙනසුරාදා රාත්‍රී 11.59ට මධ්‍යම යුරෝපා ගිම්හාන වේලාවෙන් අවසන් වීමට නියමිතය.

රුමේෂ් තරංගට ඡන්දය ලබාදීමට

2026 වසරේ ලෝක හොඳම පිරිමි මලල ක්‍රීඩකයා සඳහා ඡන්දය ලබාදෙන්න

අවසන් තරගකරුවන් හයදෙනා නොවැම්බර් 10 සහ 11 යන දිනවලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, ජයග්‍රාහකයන් නොවැම්බර් 29 වැනිදා මොනාකෝහි පැවැත්වෙන World Athletics Awards උළෙලේදී ප්‍රකාශයට පත් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *