17 හැවිරිදි ජාත්‍යන්තර පාසල් දැරිය රථගාලේ දමා ලිංගික අතවර කෙරූ IT ගුරුතුමා අත්අඩංගුවට

තලංගම කිඹුලාවල හන්දියේ රථගාලක මෝටර් රථයක් තුළදී 17 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතරව කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

අදාළ සිසුවිය ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිසුවියකි.

සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ තොරතුරු තාක්ෂණවේදය උගන්වන 49 හැවිරිදි ආබාධිත ගුරුවරයෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිසුවියගේ පුංචි අම්මා බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින අතර සිසුවියව එම රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය වී ඇත.

ඒ සඳහා පොත්පත් කිහිපයක් සිසුවියට ලබාදීමට අවශ්‍ය වී ඇති බැවින් ඊට උදව් කිරීම සඳහා මෙම ගුරුවරයා මැදිහත් වී තිබේ.

එම පොත් කොල්ලුපිටිය ප්‍රදේශයෙන් මිලදී ගැනීම සඳහා ඇයව රැගෙන යන මුවාවෙන් සැකකාර ගුරුවරයා සිසුවියව මෝටර් රථයේ නංවාගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔන්ලයින් පන්ති නිමවීමෙන් පසු ගුරුවරයා සමග පොත් මිලදී  ගැනීම සඳහා යන බවට සිය අසනීප තත්ත්වයෙන් සිටින මවට පැවසූ බවත් එය සැකකාර ගුරුවරයාගේ ඉගැන්වීම මත සිදුකළ බවත් සිසුවියගේ ප්‍රකාශයෙන් අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව ගම්පහ සිට සිසුවියව සිය මෝටර් රථයේ ඉදිරිපස අසුනේ රැගෙනවිත් ඇති සැකකාර ගුරුවරයා, තලංගම කිඹුලාවල හන්දියේ රථගාලේ මෝටර් රථය නවතා තිබේ.

පසුව මෝටර් රථයේ මැද තීරුවෙන් පිටුපස අසුනට යන ලෙස දැරියට සැකකාර ගුරුවරයා පවසා ඇත.

එලෙස ගුරුවරයා ද පිටුපස අසුනට ගොස් ඇති අතර එහිදී මෙම ලිංගික අතවරය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය දැක ඇති ත්‍රීරෝද රථ රියදුරෙක් ඒ අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඒ බව දැනුම් දී තිබුණි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී සිද්ධිය තහවුරු වී ඇති බව තලංගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ  ස්ථානාධිපතිනී, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉරෝෂා සුභාෂිණි  මහත්මිය පැවසුවාය.

පසුව සිසුවියව මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලිංගික අතවරයක් සිදුවී ඇති බවට අනාවරණය වී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *