Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

රුවන්වැලිසෑය අභියස උණුසුම් ගැටුමක්: උපවාසය කළ හිමිවරුන් පොලිස් භාරයට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස මාරාන්තික උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන් නමක්, උපවාස භූමියේ හටගත් දැඩි උණුසුම් තත්ත්වයකින් අනතුරුව ඊයේ (12) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තා වන අන්දමට, අනුරාධපුර සත්‍යග්‍රහ භූමියේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස සහ පූජ්‍ය රාජාංගණේ සද්ධාරතන හිමියන් ඇතුළු ගිහි පිරිසක් අතර හටගත් උණුසුම් වාද විවාදයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියට විරෝධය පළකරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ තවත් භික්ෂූන් වහන්සේලා දෙනමක් රුවන්වැලි මහා සෑය අසල මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

ඔබේ අදහස