ෆවුසිට නොතිසි

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට මැයි මස 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරන විනිසුරු නවරත්න මාරසිංහ මහතා නොතීසි නිකුත් කළේය.

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් 2005 වසරේ සිට 2010 වසර දක්වා කාලසීමාව තුළ පාවිව්වි කිරීම මඟින් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික පාඩුවක් කළ බවට හිටපු රාජ්‍ය ඇමති ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ඒ.එච්.එම්.ෆවුසි මහතා අධිකරණයේ පෙනී නොසිටීම නිසා විනිසුරුවරයා එලෙස නියම කළේය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ඒ.එච්.එම්.ෆවුසි මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ෆවුසි මහතා චර්ම රෝගයක් පෙළෙන බව දැනුම් දුන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙනන් වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *