කුඩු මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයො ගැන හෙළිදරවුවක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයින් හෙළිදරව් කරමින් අද (30) සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා මේ වනවිට විදේශගතව සිටින අතර අමාත්‍යවරයා සහ ඇතැම් නීතීඥයන් අතර බරපතළ ගැටුම් ඉකුත් මාස කීපය තුළ නිර්මාණය වෙමින් පැවැති බවත් එම නිලධාරියා කීය.

බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉකුත් දෙසැම්බර් 18 දා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහනකදී පැවැසීම හේතුවෙන් නීතීඥයන් සහ අමාත්‍යවරයා අතර ගැටුම් හටගෙන තිබූ බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

ටිරාන් අලස් අමාත්‍යවරයාට කුමන මරණ තර්ජනය පැමිණියත් පාතාලය හා කුඩු තුරන් කිරීමට කැපවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *