ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත 94% ක් ඵලදායී බව තහවුරු වෙයි

මිලියන 1.2 ක පිරිසක් යොදා ගනිමින් මේ දක්වා සිදු කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත 94% ක ඵලදායිතාවයකින් යුත් බවයි.

එමෙන්ම එක් මාත්‍රාවක් පමණක් ලබාදීම මගින් කොරෝනා රෝග ලක්ෂණවලින් ආරක්ෂා වීමට 57% ක ඵලදායීතාවක් පෙන්නුම් කර ඇති බවත් පර්යේෂණ මගින් හෙළිවී තිබේ.

New England Journal of Medicine සඟරාව විසින් බදාදා දින ප්‍රකාශයට පත් කර ඇත්තේ මෙය කොවිඩ් ආසාදනයට එරෙහිව ප්‍රබල ආරක්ෂිත ප්‍රතිලාභයක් වන බවයි. එමෙන්ම විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙය කොවිඩ් වසංගතය අවසන් කිරීමට අදාළ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියෙහි බලය පෙන්වන පළමු පියවර බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *