මුල් ළමාවිය දරුවන් අතර සමාජීය හා චර්යාත්මක වෙනසක් (SBCC) ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වූ ජාතික සන්නිවේදන වැඩසටහන ඊයේ (10) අරලියගහ මන්දිරයේදී අගමැතිනි වෛද්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම වැඩසටහන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, UNICEF සහ Clean Sri Lanka වැඩසටහන එක්ව සංවිධානය කරයි.
එය මුල් ළමාවිය සෞඛ්‍ය, රැකවරණය සහ සංවර්ධනයට අදාළ මහජන දැනුවත්භාවය සහ භාවිතයන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, UNICEF නියෝජිතයින්, පෙර පාසල් ගුරුවරුන්, දෙමාපියන් සහ දරුවන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ.


