හෝටල් හිමිට – බිරියට පහර දුන් ඊශ්‍රාල ජාතිකයෝ දෙදෙනෙක් අල්ලති

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් හිමියෙකුට සහ ඔහුගේ බිරියට පහර දුන් බව කියන ඊශ්‍රාල ජාතිකයන් දෙදෙනෙකු   අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි.

පාර කෑමට ලක් වූ හෝටල් හිමියා සහ ඔහුගේ බිරිය තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසියය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකි.

එම හෝටල් හිමියා සහ ඔහුගේ බිරිය ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී  ඉදිරියෙන් පැමිණි ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනා මඟ හරස් කිරීම නිසා ඇති වූ කතාබහක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *