හොර්ටන්තැන්නේ ගෝන සිරුරු රැසක් අඹේවෙල ජලාශයේ…

හොර්ටන්තැන්න රක්ෂිතයේ සැරිසරන ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබෙන බව එම ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයින් කියා සිටියි.

සතියකට ගෝනුන් දස දෙනෙකු පමණ ජලාශය තුල මිය යන බවයි ධිවරයින් කියා සිටියේ.

අඹේවෙල ප්‍රදේශයේ දඩයම්කරුවන් කිහිප දෙනෙකු විසින් අතිකර අත්හැර දමා ඇති දඩයම් සදහා පුරුදු කර ඇති සුනඛයින් රැසක් හොර්ටන්තැන්න සිට ආහාර සහ ජලය සොයා පැමිණෙන ගෝනුන් සපා කා ජලාශය තුලට පන්නා දමන බවත්, ඉතා ගැඹුරු අඹේවෙල ජලාශයේ එසේ පන්නා දමන ගෝනුන් දියේ ගිලි මියයන බවයි ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයින් කියා සිටින්නේ.

කුඩා පැටවාගේ සිට හොදින් වැඩුණු ගෝනුන් රැසකගේ සිරුරු මේ වන විට අඹේවෙල ජලාශය මත නරක් වි පාවෙමින් පවතින බවත්, පවත්නා තත්ත්වය මත එම ජලාශයේ පරිසර විනාශයක්ද සිදු වි ඇති බවයි ධිවරයින් කියා සිටින්නේ.

අඹේවෙල ජලාශයෙන් නිකුත් කරනු ලබන ජලය වැලිමඩ රෙන්දපොල සහ තලවකැලේ ප්‍රදේශයේ පානිය ජලය සහ වගා කටයුතු සදහා භාවිතා කරන බවත්,මේ පිලිබදව වනජිවි නිලධාරින් දැනුවත් කර තිබුණද ඒ සදහා මෙතෙක් එම නිලධාරින් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි අඹේවෙල ජලාශයේ ධිවර රැකියා වල නිරතව සිටින ධිවරයින් කියා සිටින්නේ.

පවත්නා තත්ත්වය මත ජලාශයේ දැඩි දුගන්ධයක් හමන බවත්, ගෝනුන් දඩයම් කර මරා දමන සුනඛයින් අල්ලා වෙනත් ප්‍රදේශයකට කඩිනමින් රැගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අඹේවෙල ජලාශයේ ධිවරයින් වනජිවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *