හෙරොයින් කිලෝ 40ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 40ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය අද උදෑසන සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එම මත්ද්‍රව්‍ය ජාවාරම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400ක් පමණ වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *