හෙට සිට දුරගමන් දුම්රිය සේවය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

හෙට සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළද දුරගමන් දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් පැවසුවේ හෙට දිනයේ දුම්රිය හයක් ධාවනය කිරීමට නියමිත බවයි.

ඒ අනුව අංක 4077 දුම්රිය ගල්කිස්සෙන් පෙරවරු 6.30 ට කන්කසන්තුරේ (KKS) දක්වා පිටත් වේ.

අංක 4078 දුම්රිය KKS සිට පෙ.ව. 9.00 ට ගමන් ආරම්භ කර එහි ගමනාන්තය වන ගල්කිස්ස වෙත ළඟා වනු ඇත.

පොඩි මැණිකේ දුම්රිය (1005) කොළඹ කොටුවෙන් පෙරවරු 5.55 ට පිටත් වී බදුල්ලට ළඟා වේ.

දුම්රිය අංක 1016 බදුල්ලෙන් පෙරවරු 5.45 ට පිටත් වී කොළඹ කොටුවට පැමිණේ.

අංක 8056 දුම්රිය මරදානෙන් පස්වරු 2.30 ට බෙලිඅත්තට ළඟා වන අතර අංක 8057 දුම්රිය බෙලිඅත්තෙන් පෙරවරු 5.25 ට ධාවනය වී මරදානට ළඟා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *