හෙට සා.පෙළ අවසන් කරන සිසුන්ට විභාග කොමසාරිස් ජනරාල්ගෙන් දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගය හෙට (10) අවසන්වීමට නියමිත අතර, විභාගය අවසන් වීමෙන් පසු විභාග මධ්‍යස්ථානයේදී හෝ එම පරිශ‍්‍රයේදී කලහකාරී ලෙස හැසිරීම, අනිත් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරීම, පොදු දේපළවලට අලාභහානි සිදු කිරීම වැනි සිද්ධීන් වලට සම්බන්ධ වන සිසුන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා විභාග අපේක්‍ෂකයන්ට දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට විභාග ශාලාධිපතිවරුන් වෙතද උපදෙස් ලබාදී තිබෙන බවත්, ඒ අනුව ප‍්‍රතිඵල අවලංගු කිරීමටද කටයුතු කළ හැකි බවටත් විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කර සිටියි.

තවද මේ සම්බන්ධයෙන් දිවයිනේ සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති අතර සියලූම විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර සේවාවන් ක‍්‍රියාත්මක කරන ලෙසටත් ඉල්ලා තිබේ.

යම් විමසීමක් හෝ පැමිණිල්ලක් වෙතොත් ක්ෂණික ඇමතුම් අංකය 1911, පොලිස් හදිසි ඇමතුම් අංකය 119, පොලිස් මූලස්ථානය 0112421111 යන අංකවලට දැනුම් දිය හැකි බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *