හුදකලා බව ඉවත් කළ ප්‍රදේශයකින් ආසාදිතයින් 43ක්

මීට දින දෙකකට පමණ පෙර හුදකලා බව ඉවත්කළ ප්‍රදේශයකින් කොවිඩ් ආසාදිතයින් 43 දෙනෙකු වාර්තාවී තිබේ.

මෙලෙස නව ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ වැලිමඩ, හුලංකපොල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙනි.

පසුගිය 14 වැනිදා වැලිමඩ හුලංකපොල්ල ග්‍රාම නිලධාරී වසමේ හුදකලා බව ඉවත්කර තිබුණි.

දිගින් දිගටම ආසාදිතයින් වාර්තාවීම නිසා අවසන්වරට මෙම ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමට බලධාරීන් පියවර ගත්තේ ජුනි 24 වැනිදාය.

එමෙන්ම මීගොඩ පරණ පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇඟලුම් ආයතනයක සේවකයින්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් සේවකයින් 29 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ සමගින් අදාළ ආයතනය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *