හිරගෙදර ලොකු පුටු මාරුවක්

බන්ධනාගාර කොමසාරිස්වරුන් සිවු  දෙනෙකුට සහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයෙකුට  වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.එම්.එන්.සී. ධනසිංහ මහතා විසින්  නව රාජකාරි පවරනු ලැබ ඇත .

ඒ අනුව මෙහෙයුම් සහ පාලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ බී.එම්.යූ.ජී.ඒ.කේ. බස්නායක මහතා  බන්ධනාගාර කොමසාරිස් පාලන තනතුරට පත් කර ඇත

බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ බී.ඩී.එම්.ජී.බී. දිසානායක මහතා බන්ධනාගාර කොමසාරිස් සැපයුම් තනතුරටත්  බන්ධනාගාර කොමසාරිස් සැපයුම් ධූරයේ මෙතෙක් කටයුතු කළ ආර්.පී.එච්. කුමාර මහතා  මෙහෙයුම්, බුද්ධි හා ආරක්ෂණ බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසත් පත් කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන තනතුරේ රාජකාරි කළ ජේ.සී. වීරසිංහ මහතා කර්මාන්ත සහ නිපුණතා සංවර්ධන කටයුතු භාර බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත්කර ඇත.

කර්මාන්ත විෂයභාර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ එස්.කේ. පල්ලෙතැන්න මහතා පුනරුත්තාපන කටයුතු භාර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත්කර ඇත

මෙම නව රාජකාරි පැවරීම  අගෝස්තු මස  1 වැනිදා සිට  සිට ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *