Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

හිමි වූ තවත් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

චීනය විසින් පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16යේ තොගයේ පළමු කොටස රැගත් ගුවන්යානය අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.

අප වාර්තාකරු පැවසුවේ චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යු.එල්. 865 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය මගින් අද උදෑසන 8.00ට එම එන්නත් තොගය රැගෙන ආ බවය.

මීට අමතරව දෙවන තොගය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් තවත් ගුවන්යානයක් අද උදෑසන 10.10ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

මෙම එන්නත් මාත්‍රා ප්‍රමාණය චීන රජය එක් වරකදී ප්‍රදානයක් ලෙස ලබාදුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් තොගය වේ.

එමෙන්ම මෙම එන්නත් තොගය සමග චීනය ශ්‍රී ලංකාවට මේ දක්වා ප්‍රදානය කර ඇති සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 27කි.

මේ අතර දිනකදී වැඩිම පිරිසකට එන්නත් ලබාදීම වාර්තා කරමින් ඊයේ  මෙරටදී පුද්ගලයින් 437,878 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබාදී තිබේ.

ඔබේ අදහස