හිටපු CID අධ්‍යක්ෂ ශානි ඇතුළු තිදෙනෙකු තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 7 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබු සෙසු සැකකරුවන් අතර ඇඹිලිපිටිය පොලීසියට අනියුක්තව සේවය කළ හිටපු උපපොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උපපොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන අයයි.

එම නඩුව අද කැඳවනු ලැබුවේ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේදීය.

කොරෝනා වෛරස නිසා සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් නොකළ අතර, සැකකරුවන් තිදෙනා ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *