හිටපු කතා නායකගේ බිරිඳ රිය අනතුරකින් රෝහල්ට

හිටපු කතා නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල මහතාගේ බිරිඳ වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල මහත්මිය පැදවූ මෝටර් රථයේ අද අලුයම තවත් මෝටර් රථයක් ගැටීමෙන් ඒ මහත්මිය තුවාල ලබා රෝහල් ගත කළ බව බියගම පොලිසිය සඳහන් කරයි.

කැලණිය බියගම මාර්ගයේ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට දී එම රිය අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු වන කළුතර උතුර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි  පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බියගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ,ඒ ඒ කේ එම් විජේසිංහ මහතාගේ උපදෙස් මත වැඩ බලන රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් 34895 උපාලි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *