සෞඛ්‍ය ඇමති මහනාහිමිවරුන් බැහැ දකී

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහත්වරු මහනුවරදී මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවහ.

පළමුව අමාත්‍යවරු වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නා හිමි බැහැදැක ආශිර්වාද ලබා සුව දුක් විමසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සහ කාලීන ගැටළු කිහිපයක් පිළිබදව පුළුල් කතිකාවතක නිරත වූහ.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි අමාත්‍යවරු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමි බැහැදැක, සුවදුක් විමසීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සහ කාලීන ගැටළු කිහිපයක් පිළිබදව කතිකාවතක නිරත වූහ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන සැලසුම්ගත වැඩපිළිවෙළ පිළිබදව ද, විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නව්‍ය සංකල්පයක් ලෙස මෙරට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” පිහිටුවීමේ ව්‍යාපෘතිය පිළිබදව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉතා සවිස්තරව මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *