හාල්වලට මිල සූත්‍රයක් ගෙනආ ඉංජිනේරුවා

වී මිල සහ අනෙකුත් නිෂ්පාදන වියදම් සැලකිල්ලට ගනිමින් හාල් මිල තීරණය සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට ඉන්ජිනේරුවෙකු කටයුතු කර තිබේ.

පේටන්ට් බලපත්‍ර හිමි ඉංජිනේරුවෙකු වන විමල් ජයවර්ධන රජයෙන් ඉල්ලා සිටින්නේ සහල් මිල තීරණය කිරීම සඳහා එම ගණනය කිරීම් භාවිත කරන ලෙසය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය පාලනය කිරීමට මෙම මිල සූත්‍රය යොදාගත හැකි බවය.

ඉංජිනේරු විමල් ජයවර්ධන මහතා,

“මම හදලා දුන්නා පරිඝණක ගණනය කිරීමක්. ඒකට වී මිල ඇතුළු කරපුවාම ඒකට බලපාන අනෙකුත් සාධක.., උදාහරණ වශයෙන් විදුලිය, ජලය, යන්ත්‍ර ක්ෂ්‍යවීම් ආදී සියල්ලක් ගණනය වෙලා සහල්වලට යන වියදම ලැබෙනවා. ඒ වියදමත් ක්‍රම දෙකකට එනවා. ඒක තවත් යාවත්කාලීන කරලා මේක පාවිච්චි කරන්න කියලා මම රජයෙන් ඉල්ලනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *